Latestදේශීය

භික්ෂුවකට අයත් ජීප් රථයක් උඩුදුම්බරදී අත්අඩංගුවට

උඩුදුම්බර පොලිසිය විසින් සැකකටයුතු ජීප් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රථය මහියංගන ප‍්‍රදේශයේ හිමි නමකට අයත් බව පැවසෙන අතර උඩු දුම්බර උයන්වල ප්‍රදේශයේ නිවසක ගරාජයක නවතා තිබියදී සොයාගෙන ඇත.

නිවසේ හිමිකරු සඳහන් කර ඇත්තේ දැනට මාස හයකට පමණ පෙර නිවසේ පැවති දානමය කටයුත්තකට සහභාගි වීමට පැමිණ හිමිනමක් එම රථය එහි නවතා ගිය බවය.

අදාළ ජීප් රථයේ අංකයට කුරුණෑගල ආඳාගල ප්‍රදේශයේ ලියාපදිංචි තවත් ජීප් රථයක් ඇති බවටද හෙලි වී තිබේ.

මෙම රථව නවතා ගිය බව කියන හිමිනමකට ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *