Latestවිදේශීය

යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනය (10) එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගුවන්තොටුපොළ තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

2022 වසරේ දී රුසියා – යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව යුක්‍රේනය විසින් සිදුකළ විශාලම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඩ්‍රෝන යානා 32ක් යොදාගනිමින් යුක්‍රේනය මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර රුසියානු ආරක්ෂක අංශ විසින් ඒවා බිම හෙළීමට කටයුතු කර තිබේ.

උද්ගත වූ තත්ත්වය හමුවේ මොස්කව්හි අවදානම් ප්‍රදේශවල පිහිටි ගුවන්තොටුපොළ 03ක කටයුතු තාවකාලිකව නතර කර ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබුණි.  

කෙසේ වෙතත් ඩ්‍රෝන ප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද රුසියානු බලධාරීන් තහවුරු කර ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *