හිමිකරුවෙන් නැති වාහනයක් කිඹුලාපිටියෙන් මතුවෙයි
කිඹුලාපිටිය – ගුවන්තොටුපොළ මාර්ගයේ පිහිටි නිවසක තිබී අනන්‍යතාව තහවුරු කර නොගත් සුඛෝපභෝගී රථයක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සොයාගෙන ඇත. එම රථය නිවසෙහි කඩ කාමරයක ගාල් කර තිබියදී හමුවී තිබේ.අනතුරුව එම රථය කටාන පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් ඇත.
එම සුඛෝපභෝගී රථය එකලස් කරන ලද වාහනයක් බවට පොලීසියට සැක කරයි.
ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු නියෝග කර ඇත්තේ එම රථය රේගු දෙපාර්තමේන්තුවට හා රජයේ රස පරීක්ෂක වෙත යොමුකර පරීක්ෂා කිරීමෙන් පසු වාර්තා ඉදිරිපත් කරන ලෙසය.
මෙහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

