Latestදේශීය

දැවැන්ත අභියෝගයක් ජයගනී – පොස්පේට් නිධියෙන් පොහාර නිෂ්පාදනයට මුලපුරයි

ජනාධිපති, අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල ආණ්ඩුව එප්පාවල පොස්පේට් නිධියෙන් පොහොර නිෂ්පාදනය කිරීමේ අභියෝගාත්මක ක්‍රියාමාර්ගයට මුලපුරා තිබේ.

අද (10) මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, මහාචාර්ය ඕ.ඒ ඉලේපෙරුම ඇතුළු පර්යේෂකයෝ කණ්ඩායමක් එම පොස්පේට් නිධිය පිළිබඳව කරුණු සොයාබැලීමේ විශේෂ චාරිකාවක නියැළුණහ. එහි දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය පොස්පේට් පොහොර ආනයනය කිරීම වෙනුවෙන් වැය වන විශාල විදේශ විනිමය ප්‍රමාණය ඉතිරි කර ගනිමින්, රට තුළම නිෂ්පාදනය කිරීමට සූදානම් බව ඔවුහු හෙළි කළහ.

නව රජයේ ප්‍රථම නිෂ්පාදන කර්මාන්තය ලෙස ලබන වසර ආරම්භයේ දීම එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව හෙළි කර තිබේ.  පසුගිය පාලනය අවසන් වන විට ලංකා පොස්පේට් සමාගම සහ එම පොස්පේට් නිධිය විකිණීමට සූදානම් කර තිබූ අතර, එය සම්පූර්ණයෙන්ම නවත්වා දේශීය කර්මාන්තයක් ලෙස ගොඩ ගැනීමට සියලු සැලැසුම් සකස් කර අවසන් ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *