Latestදේශීය

Online මූළ්‍ය වංචනිකයින් 58ක් අත්අඩංගුවට

අන්තර්ජාල මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිරුළපන මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී මෙම පිරිසව ඊයේ (09) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇත.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *