Latestදේශීය

අවසන් මැතිවරණ රැලි අද

මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්‍ෂවල අවසන් රැලි 11දා කොළඹදී සහ ගම්පහදී පැවැත්වෙනු ඇත.

ඒ අනුව ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලිය ලබන 11 වැනිදා පස්වරුවේ ගම්පහ නගර සභා පිටියේදී හා පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එම රැලි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සමගි ජන බලවේගයේ අවසන් මහා රැලිය කොළඹ අලුත්කඩේ මංසන්ධියේදී පැවැත්වීමට නියමිතයි. එම රැලිය සමගි ජන බලවේගයේ නායක සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසන් ජනහමුව 11 වැනිදා රාත්‍රී 8.00ට තංගල්ල කාල්ටන් නිවාස පරිශ්‍රයේදී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *