Latestදේශීය

මහින්දගේ ඉතිහාසයට නාමල් පහර දුන්නේ ඇයි?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින නාමල් රාජපක්‍ෂ පානදුර පැවැති ජන හමුවක දී කරන ලද ප්‍රකාශයක් මහින්ද රාජපක්‍ෂට එල්ල කරන ලද ප්‍රහාරයක්  වී ඇති බව දේශපාලන විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබේ.

නාමල් රාජපක්‍ෂ සඳහන් කර ඇත්තේ, වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණ කළුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා ලබා දුන් අය ද සමහර පක්‍ෂවල සිටින බව ය. එහෙත්, 2020 මහා මැතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිට එක් වරම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබා දී මන්ත්‍රී ධුරයක් ලබා ගත්තේ ය. ඊට අමතරව ශෂින්ද්‍ර රාජපක්‍ෂ ද හම්බන්තොට සිට මොනරාගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබා දී මන්ත්‍රීවරයකු විය.

මේ ආකාරයට පවුල් පාලනය වෙනුවෙන් වෙනත් දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ ඉතිහාසයක් තිබෙන රාජපක්‍ෂලා පිළිබඳව අමතක කර නාමල් රාජපක්‍ෂ කරන එම ප්‍රකාශ අවස්ථාවාදීව ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් සිදු කළ ද, මහින්ද රාජපක්‍ෂට ප්‍රහාරයක් වී ඇති බව විචාරකයන්ගේ මතයයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *