ඇමරිකානු තහනම අවසන්
ඇමරිකානු ජාතිකයන් සදහා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයට පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඊට අදාලව ශ්‍රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කරන බවද අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
අමෙරිකානු තානාපති කාර්යාලය විසින් පසුගිය ඔක්තෝබර් 23 වනදා සංචාරක සීමාවන් පනවනු ලැබුවේ එම ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවෙතැයි ලැබුණු බුද්ධි වාර්තා මතයි.
පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබුවේ එම ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවෙතැයි ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගනිමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

