අගෝස්තු මාසයේ පමණක් පොල්ගෙඩි මිලියන 75ක් රට පටවලා
මෙම වර්ෂයේ අගෝස්තු මාසයේදී පොල්ගෙඩි මිලියන 74.4ක් අපනයනය කොට ඇති බව ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.
පොල් අපනයනය කිරීමෙන් අගෝස්තු මාසයේ උපයාගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 42.6ක් බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
2023 වසරේ අගෝස්තුවේ පොල්ගෙඩි මිලියන 63.5ක් අපනයනය කොට තිබූ අතර එය 2024 වර්ෂයේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 17.2ක වැඩිවීමකි. 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ පොල් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 31.8ක ආදායමක් උපයාගෙන ඇත.
එමෙන්ම මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ පොල්ගෙඩි මිලියන 296.1 ක් නිෂ්පාදනය කොට ඇත. 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ නිෂ්පාදනය කොට ඇති පොල් ගෙඩි ප්රමාණය මිලියන 275.9 කි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

