Latestදේශීය

ප්‍රදේශ රැසකට අදසිට වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඇතිව තිබෙන අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් අද (13දා) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ ප්‍රදේශ ගණනාවකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, උතුර හා උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

නැඟෙනහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බව ද පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *