Latestදේශීය

ඡන්ද මධ්‍යස්ථාන අසළ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම තහනම්

ඡන්ද විමසීම් දිනයේදී  ඡන්දය ආයාචනා කිරීම, යම් අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්ද ඉල්ලීම, යම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය නොදමන ලෙස ඡන්ද හිමියන් දැනුවත් කිරීම, ඡන්ද පත්‍රිකාවක්, ඡන්ද අත් පත්‍රිකාවක්, ප්‍රදර්ශන පත්‍රයක්, දැන්වීම් කොළයක්, ඡායා රූපයක්, එක් එක්  පක්ෂයකට  හෝ ස්වාධීන කණ්ඩායමකට වෙන් කර ඇති ලකුණක් ඡන්ද පොළවල් ආසන්නයේ හෝ ඡන්ද පොළේදී  ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයේම තහනම්  බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 2024 මහ මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ජංගම දුරකතන රැගෙන යාම, ඡායා රූප ගැනීම, විඩියෝ කිරීම, අවි ආයුධ සන්තකයේ තබා ගැනීම , මත් ද්‍රව්‍ය හෝ මත් පැන් පානය කර ඡන්ද මධ්‍යස්ථාන වෙත ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් බවද එවැනි අවස්ථා ඇති වුවහොත් ඒ සඳහා ආරක්ෂක අංශ කටයුතු කරනු ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *