Latestදේශීය

ඡන්දය පාවිච්චි කිරීම පළමු කාර්යය කරගන්න

(ක‍්‍රිස්ටෝෆර් ගාඩිනර්)

මේ රටේ ස්වාධිපත්‍ය පවතින්නේ රට වැසියන් වන අප අතේය. එම නිසා එය තහවුරුකර ගැනීම සඳහා වසර 5 කට වරක් එළඹෙන මැතිවරණයකදී ඡන්දය දැමීම ඔබ අනිවාර්යයෙන්ම කළ යුතුව ඇත.

ලංකා ඉතිහාසයේ සමකාමීම මැතිවරණය පසුගිය සැප්තැම්බර් 21 වන දා අප හට දැකගත හැකි විය. මෙම උත්තරීතර පාර්ලිමේන්තුවට නියෝජිතයින් පත්කර යැවීමේ මැතිවරණයත් ඉතිහාසගත වෙන මැතිවරණයක් වීමත් විශේෂයි.

මෙහිදී පැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා නැති තරම්ය. රාජ්‍ය සම්පත් මැතිවරණය සඳහා යොදාගත් බවක් අසන්නටවත් නැත. මැතිවරණ අල්ලස් දීම් විටින් විට අසන්නට ලැබුනත් ඒවා මැතිවරණ කොමිසමේ මැදිහත් වීමෙන් වලක්වාලීය. මෙම මැතිවරණය හරිම ලස්සන මැතිවරණයක් බව නොකියා බැරිය.

පොදුවේ මැතිවරණ සමයේ විශේෂයෙන්ම දකින්ට ලැබෙන්නේ, ශ‍්‍රී ලංකාවේ පැවති පෙර මැතිවරණවලදීත් මැතිවරණයෙන් පසුත් අප පත්කර යැවූ නියෝජිතයින් හමුවේ වැඳවැටී, හඬා වැටුනු චන්ද දායකයින් හෙවත් රට වැසියන්ය. නමුත් මෙම මැතිවරණයේදී එය වෙනස් වී පෙර පාර්ලිමේන්තු නියෝජනය කල පළපුරුදු අපේක්‍ෂකයින් රට වැසියන් ඉදිරියේ හඬා වැටෙමින්, කෙඳිරිගාමින් ඡන්දය කෙසේ හෝ ඔවුන් වෙනුවෙන් ලබාදීමට කරන ආයාචනාවන්ය.

ක‍්‍රමය වෙනස් වෙමින් ඇත යන්න වෙනුවට ”ක‍්‍රමය වෙනස් වී ඇත” යන්න කාලෝචිතය. දැන් දැන් ඔබට අගයක් ලැබෙමින් පවතී. එය ස්ථාවර කිරීමේ අවස්ථාව දැන් ඔබ සතුය.

14 වෙනිදාට පැවැත්වෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී ඔබ සතු ඡන්දය අනිවාර්යයෙන්ම භාවිතා කරන්න. එහිදී පෙර මැතිවරණවලදී දැක්වූ අලස කම අතහරින්න. වෙනදා මෙන් දිලිසෙන, පිම්ඹුන, බොරු බේගල් ඇදබාපු පුහු චරිත වෙනුවෙන් ඡන්දය භාවිතා නොකරන්න.

මන්ද පෙර මැතිවරණ වලදී උත්තරීතර පාර්ලිමේන්තුවට පත්කර යැවූ නියෝජිතයින් අතරින් 99% ක් ම ඔවුන්ගේ සුඛ විවරණය සඳහා පමණක් මැති ඇමතිකම් යොදාගත්හ. එය අත්දැකීමක් සේ ගෙන, දැන් අප ඉතා පරිස්සමින් පක්‍ෂ විපක්‍ෂ නියෝජිතයින් තෝරාගත යුතුව ඇත.

එසේ හෙයින් මෙවර මැතිවරණයේදී ”කතිරය” නිසි පරිදි බුද්ධිමත්ව සලකුණු කිරීමෙන්; මුදලට, දේපල වලට ගිජු නොවන, වංචා දූෂණයෙන් තොර, තරුණ බුද්ධිමත්, ක‍්‍රියාශීලී නවක මුහුණු පිරුණු පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට ඔබ හට හැකි වනු ඇත.

ඔවුනට පළපුරුද්ද නැති වුවත්, අප රටේ සිදුවූ අතීත සිදුවීම් තුලින් වර්ථමානය ගලපාගෙන අනාගතතය සැලසුම්කරනු නියතයි. අප ඔවුනට ශක්තියක් වෙමු. බලය අප සතුව තියාගමු. රටට ජය ගෙනෙන උත්තරීතර පාර්ලිමේන්තුවක් නිර්මාණය කර අනාගත දූ දරුවනට භාර කරමු.

මම ඔබට ජයෙන් ජයම පතමි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *