මෝටර් රථයකින් හප්පා 35 දෙනෙක් ඝාතනය කරලා
චීනයේ ෂුහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත ඉතා වේගයෙන් මෝටර් රථයක් පදවා එම ස්ථානයේ සිටි විශාල පිරිසක් මරණයට පත් කර තිබේ.
සැකකරු 62 හැවිරිදි පුද්ගයෙකි.
ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ එම සිදුවීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මරණයට පත් වී තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවය.
මිය ගිය සහ තුවාල ලැබු පිරිස අතර වැඩිහිටි, තරුණ මෙන්ම ළමුන් ද සිටින බව සඳහන් වේ.
මේ වන විට සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පසුව සිදුකළ විමර්ශන වලදී හෙළී වී ඇත්තේ සැකකරුගේ දික්කසාදයෙන් පසු දේපොළ බේරුම්කරණයේ දී සිදු වූ ගැටලුවක් සම්බන්ධයෙන් ඇති වූ මානසික පීඩනයක් හේතුවෙන් මෙම පුද්ගලයා මෙය සිදුකර ඇති බවය.
සැකකරු මේ වන විට කෝමා තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගිනිමින් සිටින බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පවා නොහැකි වී ඇති බව එරට බලධාරීන් පවසා ඇත.

@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

