Latestදේශීය

තවත් නීතිවිරෝධී වාහන සොයාගනී

නීත්‍යානුකූලව තිබියයුතු චැසි අංකය වෙනස්කොට ව්‍යාජ චැසි අංකයක් යොදා ව්‍යාජ වාහන අංකයක් සවිකොට තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ ව්‍යාජ අංකයක් සවිකොට භාවිතා කළ අධිබල යතුරුපැදියක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඩිෆෙන්ඩර් රථය අස්ගිරිය ප්‍රදේශයෙන්ද යතුරුපැදිය කටුකැලේ ප්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථය රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එම වාහනය නිෂ්පාදනය කිරීමේදී කර්මාන්ත ශාලාවෙන් යොදන චැසි අංකය වෙනස් කොට වෙනත් චැසි අංකයක් සළකුණු කොට ඇති බවට රජයේ රස පරීක්ෂක විසින් වාර්තාකොට තිබෙන බව පොලිසිය කියයි.

ඒ අනුව එම ඩිෆෙන්ඩර් රථය භාවිතා කළ බව කියන මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ ධම්මසිද්ධි මාවතේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

මහනුවර කටුකැලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක තහඩු සවිකල අධිබල යතුරුපැදිය සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශන ආරම්භ වී ඇති අතර එම යතුරුපැදිය අශ්ව බල 650 ක යතුරුපැදියක් බව පවසන පොලිසිය ඊට අශ්ව බල 250 අංක තහඩු යොදාගෙන භාවිතා කොට ඇති බව පොලීසිය කියයි.

එම යතුරුපැදියේ හිමිකරු මේ වන විට විදේශගතව ඇති බව පවසන පොලිසිය එම යතුරුපැදිය රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *