ආයුධ සහිත ලොරියක් සූරියවැව නිවසකදී අත්අඩංගුවට
සූරියවැව ප්‍රදේශයේ නිවසක තිබියදී ජීව අත්බෝම්බයක්, ගිනි අවි සහිත ලොරියක් සොයාගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථානයකට පහර දීමට සූදානම්ව සිටි බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ පිළිබඳව එම ලොරියේ හිරි හිමි කාරිනියගෙන් සහ නිවැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරු අනුව පොලිසිය සිදු කළ විමර්ශනවලදී මෙම සොයා ගැනීම සිදුකර තිබේ.
ඡන්ද පොලකට පහරදීම සඳහා සූදානමින් මෙම ලොරියේ ගිනි අවි සඟවා ඇති බවට එම තොරතුරින් දැනුම්දී තිබිණි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

