Latestවිදේශීය

ඉලෝන් මස්ක් ඉහළම තනතුරකට

ලොව ලොකුම ධන­වතා වන ඉලෝන් මස්ක් අමෙ­රි­කානු රජයේ නව කාර්ය­ක්ෂ­මතා දෙපා­ර්ත­මේ­න්තුවේ සම ප්‍රධා­නියා ලෙස පත් කිරී­මට ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ජන­පති ධුර­යට පත් කිරී­මට ප්‍රබල සහා­යක් දුන් ඉලෝන් මස්ක් සමඟ එම දෙපා­ර්ත­මේ­න්තුවේ සම ප්‍රධා­නි­යකු ලෙස රිප­බ්ලි­කන් නියෝ­ජි­ත­යකු වන විවේක් රාම­ස්වාමි පත් කර ඇති අතර, රජයේ විය­දම් අවම කිරීම සඳහා ජනා­ධි­ප­ති­ව­ර­යාට උප­දෙස් සැප­යීම සඳහා දෙපා­ර්ත­මේ­න්තුව ස්ථාපිත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මීට අම­ත­රව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රිප­බ්ලි­කන් නියෝ­ජි­ත­යකු වන මයි­කල් වොල්ට්ස් නව ජන­ප­තිගේ ජාතික ආර­ක්ෂක උප­දේ­ශ­ක­ව­රයා ලෙස පත් කර ඇතැයි ද වාර්තා වේ. අමෙ­රි­කානු හමු­දාවේ හිටපු කර්න­ල්ව­ර­යකු වන මයි­කල් වොල්ට්ස් මීට පෙර ට්‍රම්ප් යටතේ බුද්ධි අංශය, සන්නද්ධ සේවය හා විදේශ සබ­ඳතා කමි­ටුවේ තන­තුරු දැරූ විශ්වා­ස­වන්ත සග­යෙකි.

මේ අතර ඇෆ්ගන් යුද මෙහෙ­යු­ම්ව­ලට සහ­භා­ගිවූ අමෙ­රි­කානු හමු­දාවේ ඉහළ නිල­ධා­රි­යකු සහ ෆොක්ස් රූප­වා­හිනි සේවයේ වැඩ­ස­ට­හන් ඉදි­රි­පත් කර­න්නකු වූ පෙට් හෙග්සෙත් නව රජයේ ආර­ක්ෂක ලේක­ම්ව­රයා ලෙසත්, 2020-21 කාලයේ එරට ජාතික බුද්ධි සේවාවේ අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස කට­යුතු කළ ජෝන් රැට්ක්ලිෆ් සීඅ­යිඒ සංවි­ධා­නයේ ප්‍රධා­නියා ලෙසත් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *