Latestදේශීය

අශේන්ට එරෙහිව CIDය ක්‍රියාත්මකයි

ප්‍රසිද්ධ සමාජ ජාල ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ මැතිවරණ කොමිෂන් සභාවත් එහි ඇතැම් නිලධාරිනුත් දූෂිත යැයි ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙනි.

ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය දොළොස් වැනි දා එහි පෙනී සිටින්නැයි අශේන් සේනාරත්න දැනුම් දී තිබුණද ඔහු එදින නොපැමිණ වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා තිබින.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු ස්වාධීන කණ්ඩායමකින් ලබා දුන් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මැතිවරණ කොමිසම සහ නිලධාරීන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක් කිරීමට අශේන් සේනාරත්න කටයුතු කලේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *