Latestදේශීය

පක්ෂය දිලිත්ගේ මන්ත්‍රීධූරය හේමකුමාරගේ

මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී දිලිත් ජයවීර මහතා නායකත්වය දුන් සර්වජන බලය පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමි වී තිබේ.

ඒ හැර වෙනත් කිසිදු මන්ත්‍රී දුරයක් එම පක්ෂයට හිමි නොවීය.

හිමි වී ඇති ජාතික ලෑස්ති මන්ත්‍රී ධූරය සඳහා මව්බිම ජනතා පක්ෂයේ නායක හේම කුමාර නානායක්කාර මහතා පත්වීමට නියමිතව තිබේ.

ඒ එම පක්ෂය විසින් භාරදී ඇති ජාතික ලැයිස්තුවේ පළමුවෙන්ම සඳහන් වී ඇත්තේ ඔහුගේ නම වීම හේතුවෙනි.

ජාතික ලැයිස්තුවෙන් පිට පුද්ගලයකු පත් කිරීමට නම් ජාතික ලැයිස්තුව නියෝජනය කරන විසි නව දෙනාම ඉල්ලා අස්විය යුතුව තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *