Latestදේශීය

ඉන්දියාවෙන් සුබපැතුම්

මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබපැතීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ඒ පිළිබඳ එක්ස් අවකාශයේ සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන අතර, දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට කැපවී සිටින බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *