කඳුකරයේ පීඩක බලකොටු බිඳදැමූ අම්බිකා සැමුවෙල්
තමන් පළමුවරට දේශපාලනයට පැමිණීමත් සමග මින් ඉදිරියට වතුකරයේ තරුණ ප්‍රජාව දේශපාලනයට අවතීර්ණ වීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක කාන්තා නියෝජනයක් වන අම්බිකා සැමුවෙල් පවසයි.
ඇය පැවසුවේ හැකියාවන් ඇති තරුණ තරුණියන් පිරිසක් වතුකරයේ සිටි නමුත් ඔවුන් යම් රාමුවක කොටු කර තැබූ බවය.
“පළවෙනි වතාවට මම දේශපාලනයට ආවත් එක්කම මගේ නංගිලා මල්ලිලා අනිවාර්යයෙන්ම දේශපාලනයට එනවා. ඒ අය හොඳ හැකියාවන් තියෙන, ජනතාවාදී, දේශයට සේවය කරන්න ආසාවෙන් ඉන්න දරුවන්. ඒ අය කොටු කරලා තිබ්බේ, යම් කිසි රාමුවක හිටියේ. ඒ රාමුව කැඩුවා. මින් ඉදිරියට හොඳ නායකයෝ ටිකක් කඳුකරයෙන්ද අනෙකුත් දිස්ත්‍රික්කවලින්ද එයි.
විශේෂයෙන්ම කාන්තාවෝ ඒ අය කුස්සියටම කොටුවෙලා හිටපු අය. ඒ අය හොඳ හැකියාවන් තියෙන අය. ඒ අය කොතනද හිටියේ එතන බලපෑමක් තිබුණා. ඒ බලපෑම දේශපාලනයේදී කරන්න බැරිවුණා. දේශපාලනයේදී ඒ තබපු පළවෙනි පිම්මෙන් හොඳ නායකයෝ, හොඳ කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේද අනික් තැන්වලද අනිවාර්යයෙන්ම හැදෙයි.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

