Latestදේශීය

නවක මන්ත්‍රීවරුන්ට දින 3ක වැඩමුළුවක්

10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් දින තුනක විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර ඇතිබව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු ක්‍රමවේදය, සභාවේ කටයුතු සහ කාරක සභාවන්හි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී නවක මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතයි.

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ලබන 18,19 සහ 20 දිනවලදී සිදු කෙරේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කර තිබේ.

නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වනදා උදෑසන 10.00ට රැස්වීමට නියමිතයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *