කෙඳිරි නොගා දැන් කරලා පෙන්නන්න – සාගර කාරියවසම්
ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී ඇති නිසා දැන් කෙඳිරි නොගා කලින් කියූ පරිදි බදු අඩු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
‘මෙච්චර කල් වැට් බද්ද අඩු කරන්න බෑ. පෙට්‍රල් මිල අඩු කරන්න බෑ. පාර්ලිමේන්තුවේ බලයක් නෑ කිය කියා කෙඳිරිගෑවනේ. දැන් කෙඳිරි ගාන්න දෙයක් නෑ. ජනතාව තුනෙන් දෙකක බලයක් දීලා තියෙනවා’
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

