මේක ශ්රී ලාංකිකයන් ලබාගත් සුවිශේෂී ජයග්රහණයක් – වජිර අබේවර්ධන
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ රජය ඓතිහාසික ජයග්රහණයක් ලබා ඇතිබව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මංත්රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
එම ලබාගත් ජයග්රහණය පිළිබඳ අතිශයින් සතුටු වන බව පැවසීය.
පසුගිය කිසිදු රජයකට නොහැහි වූ උතුරු සහ නැගෙනහිර බලය ලබා ගැනීමට වත්මන් රජයට හැකිව ඇතිබව පැවසීය.
ශ්රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ලබා නොගත් ඉහළ ජයග්රහණයක් වත්මන් රජය ලබා ගෙන තිබේ.
එය ශ්රී ලාංකිකයන් ලෙස ලබාගත් සුවිශේෂී ජයග්රහණයක් බව වැඩිදුරටත් පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

