Latestදේශීය

නවගමුව රෝහලේ ගින්නක්

නවගමුව  එම්.ඩී.එච්.  ජයවර්ධන මූලික රෝහල් පරිශ්‍රයේ  පිහිටි ඖෂධ සහ  උපකරණ ගබඩාවක අද (18) උදෑසන  ගින්නක් ඇතිවී තිබේ.

මෙම ගින්න  නවගමුව පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන හමුදා ඒකකය විසින්  සාර්ථක ව මැඩ පැවැත්වීමට  සමත් විය.

නවගමුව රෝහලේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ ගින්නට   හේතුව මෙතෙක් අනාවරණය නොවූ අතර  සිදුවූ අලාභය  තක්සේරු  කරන බවය.

නවගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *