Latestදේශීය

සිලින්ඩරය – අන්තෝ ජටා බහි ජටා

මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරය ලද පරාජය හමුවේ ඔවුන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක දිනේෂ් ගුණවර්ධන හා රවී කරුණානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත්කිරීම සඳහා යෝජනා වු අතර එම යෝජානවට බහුතර කැමැත්ත නොමැති බවත් බහුතරයක් එම තීරණයට තම විරුද්ධ විරුද්ධභාවය ්‍රකාශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයන් ඇතුළු කණ්ඩායම වෙනුවෙන් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට හා එජාපය හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ශවයෙන් හිටපු අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක වෙත ලබා දීමට එකඟතාවක් තිබෙන පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරපු මෙම යෝජනාවට විරෝධතාවය ප්‍රකාශ කර අතර මෙම ජාතික ලෑස්ති මන්ත්‍රී ධූර දෙකම තරුණ දේශපාලනයෙක්ට දෙන ලෙස යෝජනා වී ඇත.

පසුගිය ජනාධිපතිවරණය අවසාන සමයේදී දී රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණි තලතා අතුකෝරල ද මෙම ජාතික ලැයිස්තු අසුනකට රිංගා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ද සඳහන්.

ඉදිරි දේශපාලන ගමන ආරක්ෂා කරගැනීම වෙනුවට වෙනත් පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවා ගැනීමට උත්සහ දැරීම තුළ තවදුරටත් එජාපය මෙන්ම සිලින්ඩරයද දේශපාලන සුසානයට යාමක් මිස යළි ගොඩ ඒමක් නම් නොමැති බවටයි දැන් ඔවුනොවුන් අතර සංවාදයට ලක්වෙමින් ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයන්ට නම් කිරීම දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තා වෙයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *