Latestදේශීය

IMF නියෝජිතයින් සහ මහ බැංකු නිලධාරීන් අතර සාකච්ඡාවක්

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රථමයෙන් මහ බැංකු නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව එම නියෝජිතයින් පිරිස බොහෝදුරට අද (18) දිනයේ දී මහ බැංකු නියෝජිතයින් මුණ ගැසී සාකච්ඡා කරනු ඇත.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු නව රජයේ මැතිඇමතිවරුන් මුණ ගැසීමට ද එම කණ්ඩායම සැලසුම් කර තිබේ.

අදාළ සාකච්ඡාව අවසානයේ ඔවුන් මාධ්‍ය හමුවක් කැඳවමින් විස්ථීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනයට අදාළ ප්‍රගතිය පිළිබඳව දැනුම්දීමට නියමිතය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනය සඳහා එහි නියෝජිතයින් පිරිසක් ඊයේ (17) දිවයිනට පැමිණියේය.

මෙම සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ සිව්වන වාරිකය මෙරටට නිදහස් කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් මෙරටට මුදා හැරීමට නියමිතව තිබේ.

ඒ අනුව එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333ක් පසුගිය වසරේ මාර්තු මස 21වන දිනත් අමෙරිකානු ඩොලර් මිලියන 337ක් දෙසැම්බර් මස 13 වන දිනත් මෙරටට මුදාහරිනු ලැබීය.

තුන්වන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 336ක් මෙම වසරේ ජුනි මස 12 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දීමට පියවර ගෙන තිබුණි.

@adaderana


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *