Latestදේශීය

මාෆියා යුගය අවසන් – වසන්ත සමරසිංහ

ජනතාව බලාපොරොත්තු වූ සියලු දේ ඉටු කිරීමට සූදානම් බව වෙළද වාණිජ සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රටේ ජනතාවගේ බොටුව මිරිකමින් සිටින මාෆියාකාරයන් ඉදිරියට එම කටයුතු කිරීමට සිදු නොවනු ඇති බවද හෙතෙම පැවසීය.

ඉදිරියේදී ජනතාවට අඩු මිලට බඩු ගැනීමටත් හිගයකින් තොරව බඩු ගැනීමට හැකි වන වෙළඳපොලක් නිර්මාණය වනු ඇති බවත් ඇතිම කියා සිටියි.

රටේ ජනතාවගෙන් සොරකම් කරන ලද සියලු ධනය ගෙන ඒමටද ආණ්ඩුව කටයුතු කරන බවත් හෙෙතම තවදුරටත් පැවසුවේය.

නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍යය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *