සෞඛ්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද මාධ්‍ය ප්‍රකාශක ද වෙයි
නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.
පසුගිය 14 වෙනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයෙන් තේරීපත්වූ ඔහු ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙන ලදී.
අද වැඩ බාරගැනීමේ අවස්ථාවට අමාත්‍යංශ ලේකම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

මේ අතර අභිනව ජාතික ජන බලවේග ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශ ලෙස ද ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කර තිබේ.
ඒ අද (19) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

