Latestදේශීය

රංජිත් මද්දුම බන්ඩාර දියවන්නාව තරණය කරයි

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කළ බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මේ වන විට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සම්බන්ධයෙන් දැඩි අර්බුධකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ඒ නිසාම අවසාන මොහොත වනතෙක් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන් කවුද යන්න තීරණය කළ නොහැකි වටපිටාවක් නිර්මාණය වී තිබුණි.

හේෂා විතාන සහ දමිතා අබේරත්න අතර රත්නපුර නාමයෝජනා සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමේදී දමිතා අබේරත්න සෘජුවම කියා සිටියේ රංජිත් මද්දුම බන්ඩාරගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය තමන්ට ලබාදී සිදුවූ අසාධාරණය නිවැරදි කළ යුතු බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *