Latestදේශීය

E8 වීසා ක්‍රමය ඉල්ලා උද්ඝෝෂණයේ

කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර අංශයේ රැකියා සඳහා පිටත්ව යාමට නිකුත් කරන ලද E8 වීසා ක්‍රමය සක්‍රිය කරන ලෙස ඉල්ලා වීසා බලපත්‍රලාභීන් පිරිසක් ගාලුමුවදොර අසල උද්ඝෝෂණ භූමියේ දී විරෝධතාවක් පවත්වා තිබේ.

කොරියානු E8 වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන අතර කොරියානු තානාපති කාර්යාලය මෙම රැකියා සම්බන්ධයෙන් පසුගිය කාලයේ අත්සන් කර ඇති දැනට පවතින ගිවිසුම නීති විරෝධී බවට සැලකීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප වී තිබෙන බව විරෝධතා කරුවෝ පෙන්වා දෙති.

මේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLFEB) අකාර්යක්ෂමතාව නිසා දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් දිනාගත් රැකියා අවස්ථා අනතුරේ හෙළන බවද ඔවුහු සඳහන් කරති. කෙසේ වුවද පුද්ගලයන් 67 දෙනෙකු සඳහා ලැබී ඇති E8 වීසා බලපත්‍රය එළැඹෙන 26 වැනිදායින් අවසන් වන බවද විරෝධතාකරුවෝ කියා සිටිති.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *