හෙට පාර්ලිමේන්තුවට පැමිණිය යුතු ආකාරය මෙයයි
දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා පෙ.ව 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සියලු මන්ත්‍රීවරයන්ට දැනුම් දෙයි.
ලබන 21 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 10.00 ට ආරම්භවීමට නියමිත දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා සහභාගීවීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනා පෙ.ව 9.00 පමණ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය දැනුම් දෙයි.
පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරයන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමු කරන බවත් අනතුරුව මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ගණපූර්ණ සීනුව නාද කරන තෙක් එහි රැදී සිටි යුතු බවත් මෙම නිවේදනයේ සඳහන් වේ.
ඔවුහු සිය කලත්‍රයා සමග පැමිණෙන්නේ නම් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රවේශ ද්වාරය අභයසදී සිය රථවාහනවලින් බැසිය යුතු බවත් අනෙකුත් සියලු මන්ත්‍රීවරයන් මන්ත්‍රී ප්‍රවේශ ද්වාරය අභියසදී සිය රථවලින් බැසිය යුතු බවටත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

