රනිල් ඉන්දියාවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද(21) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.
ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීම සඳහාය.
එම උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම දෙමාපියන් ඊට සහභාගී වනු ඇත.
අදාළ දේශනය හෙට පස්වරු 06.00ට සිදු කෙරෙන බව වාර්තාවේ.
හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයින පැමිණීමට නියමිතය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

