Latestදේශීය

ගෝමික උඩුගමසූරිය ඉහළම තනතුරකින් පිදුම් ලබයි

ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩ්‍රසන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබේ.

මේ සඳහා වන පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහචාර්ය ගෝමික උඩුගමසූරිය වෙත පිළිගන්වා ඇත.

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි.

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධියද, ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙතින් පශ්චාද් ආචාර්ය උපාධියද හිමි කර ගෙන ඇත.

ඔහු පේටන්ට් බලපත්‍ර රැසකට උරුමකම් කියන අතර ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගරු සේවයක් ලෙස විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ තනතුරට එක් වීම විශේෂත්වයකි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *