ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය ඇමැතිවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ පසුගිය දා (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
නියෝජ්‍ය ඇමැතිවරුන් පහත පරිදි වේ.
- මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති
- නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති
- වසන්ත පියතිස්ස මහතා – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමැති
- නලින් හේවගේ මහතා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති
- ආර්. එම්. ජයවර්ධන මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය ඇමැති
- ගමගෙදර දිසානායක මහතා – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති
- නීතිඥ ටී. බී. සරත් මහතා – නිවාස නියෝජ්‍ය ඇමැති
- රත්න ගමගේ මහතා – ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති
- මහින්ද ජයසිංහ මහතා – කම්කරු නියෝජ්‍ය ඇමැති
- අරුණ ජයසේකර මහතා – ආරක්ෂක නියෝජ්‍ය ඇමැති
- අරුන් හේමචන්ද්‍රා මහතා – විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති
- ඇන්ටන් ජයකොඩි මහතා – පරිසර නියෝජ්‍ය ඇමැති
- මොහොමඩ් මුනීර් මහතා – ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති
- ඉංජිනේරු එරංග වීරරත්න මහතා – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති
- එරංග ගුණසේකර මහතා – තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති
- චතුරංග අබේසිංහ මහතා – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති
- ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා – වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති
- වෛද්‍ය නාමල් සුදර්ශන මහතා කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය ඇමැති
- රුවන් සෙනරත් මහතා – පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය ඇමැති
- වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා – ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය ඇමැති
- වෛද්‍ය හංසක විජේමුණි මහතා -සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති
- උපාලි සමරසිංහ මහතා – සමුපකාර සංවර්ධන නියෝජ්‍ය ඇමැති
- රුවන් චමින්ද රණසිංහ මහතා – සංචාරක නියෝජ්‍ය ඇමැති
- සුගත් තිලකරත්න මහතා -ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති
- සුන්දරලිංගම් ප්‍රදීප් මහතා – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති
- නීතිඥ සුනිල් වටගල මහතා – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති
- වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා -අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති
- ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා -මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති
- වෛද්‍ය සුසිල් රණසිංහ මහතා – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.
@දිනමිණ
Please follow and like us: