Latestදේශීය

දිනේෂ් ගුණවර්ධන කළකිරීමෙන් – බන්දුල ගුණවර්ධන කියයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කටයුතු ගැන හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැඩි කලකිරීමකින් සිටින බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එම පක්‍ෂයට හිමි හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සම්බන්ධව කටයුතු කළ ආකාරය පිළිබඳව හිටපු අගමැතිවරයා දැඩි විරෝධය පළ කර ඇති බවද ඔහු සඳහන් කරයි.

මැතිවරණයේදී පලපුරුදු අය පාර්ලිමේන්තුවට එවන්නැයි ඉල්ලූ පක්ෂය එවැනි පළපුරුදු හෝ අත්දැකීම් නැති අය පාර්ලිමේන්තුවට යවන්නේ කුමන පදනමකින් දැයි දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රශ්ණ කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සිටින අය අතර ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවීමට සුදුසුම පුද්ගලයා වන්නේ දිනේෂ් ගුණවර්ධන මහතා බවත් බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *