Latestදේශීය

සහල් මෙට්‍රික්ටොන් 70000ක් ආනයනය කරනවා – ලාල් කාන්ත

රටේ පව­තින සහල් අර්බු­ද­යට පිළි­ය­මක් ලෙස ඉන්දි­යා­වෙන් සහල් මෙට්‍රික්ටොන් 70000 ක් ආන­ය­න­යට අදාළ කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ ඇමැති මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කරන බව කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැව­සීය. කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී පැවැති මාධ්‍ය හමු­ව­කදී ඊයේ (22) ඒ මහතා මේ බව පැව­සු­වේය. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ ඇමැ­ති­ව­රයා මෙසේද කීවේය.

කෘෂි­කර්ම හා වෙළෙඳ අමා­ත්‍යාංශ ඒකා­බද්ධ පත්‍රි­කා­වක් ලෙස මෙම පත්‍රි­කාව ඉදි­රි­පත් කරන බවත් මේ යටතේ නාඩු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් පළමු අදි­යර යටතේ ආන­ය­නය කරන බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

උත්සව සමයේ පාරි­භෝ­ගි­ක­යන්ට හිඟ­ය­කින් තොරව සහල් සැප­යීමේ අර­මු­ණෙන් මේ පිය­වර ගත් බවද හෙතෙම පැව­සීය.

වෙළෙ­ඳ­පොළේ සහල් හිඟ­යක් මෙන්ම මිල පිළි­බඳ ප්‍රශ්න­යක්ද පව­තින බවත් කී ඇමැ­ති­ව­රයා, පසු­ගිය කාලයේ නාඩු සහල් නිෂ්පා­ද­නය අවශ්‍ය ප්‍රමා­ණ­යට සිදු වුවත් ඒවා වෙළෙ­ඳ­පො­ළට පැමිණ නැති බවද කියා සිටි­යේය.

මේ තත්ත්වය හේතු­වෙන් අනි­වා­ර්යයෙන් පිට­ර­ටින් සහල් ගෙන ඒමට සිදු වන බවත් ඒ අනුව ඉන්දි­යා­වෙන් මේ නාඩු සහල් ප්‍රමා­ණය ගෙන්වී­මට බලා­පො­රොත්තු වන බවත් ඇමැ­ති­ව­රයා කීවේය.

“සහල් ගෙන්නු­වත් අපි ගොවි­යාට මෙන්ම පාරි­භෝ­ගි­ක­යාට ගැට­ලු­වක් වන්නට ඉඩ තබන්නේ නැහැ. අත­ර­මැ­දි­යන්ට පාරි­භෝ­ගි­ක­යන්ව ගසා­ක­න්නට කිසි­සේත් ඉඩ තබන්නේ නැහැ.

මහා පරි­මාණ සහල් මෝල් හිමි­යන් සමඟ අපට ප්‍රශ්න­යක් නෑ. සහල් වෙළෙඳපොළේ හිඟ නම් සහල් නිෂ්පා­ද­නය වී තිබෙ­නවා නම්, ඒ සහල් තොග තිබෙන්න ඕනෑ ඒ හාල් මෝල් හිමි­යන් ළඟයි. ඒ නිසා අපි පාරි­භෝ­ගි­කයා සහ ගොවියා ගැන සිතා මේ තීර­ණය ගත්තා.

මේ අනුව උත්සව සම­යට අවශ්‍ය ප්‍රමා­ණ­යට සහල් වෙළෙ­ඳ­පො­ළට ලබා­දෙ­න්නට අපට පුළු­වන්. හිඟ­ය­කින් තොරව රජයේ ප්‍රකා­ශිත මිල අනුව සහල් ලබා­ග­න්නට පාරි­භෝ­ගි­ක­යාට මෙහිදී හැකි­යාව ලැබෙ­නවා.

මේ සහල් ගැට­ලු­වට සදා­කා­ලික උත්තර අප ළඟ නෑ. වෙළෙ­ඳ­පොළ පව­තින තත්ත්ව­යට ගැළ­පෙන උත්ත­රය ලෙසයි මෙම සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආන­ය­නය කිරී­මට තීර­ණය කළේ. මේ වන විට මාස් කන්නය ආරම්භ වී තිබෙ­නවා. මේ කන්න­යේදී හොඳ නාඩු අස්වැ­න්නක් අපට ලැබෙයි කියා අප විශ්වාස කර­නවා” යැයිද කීවේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *