Latestදේශීය

IMF අවසන් සාකච්ඡා සාර්ථකයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව ඊයේ (22) ජනාධිපති කාර්යාලයේදී පැවැති බවත් අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි වී ඇති අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *