ඇමරිකානු අනුග්‍රාහක යුක්රේන් ප්‍රහාරයට රුසියාව ප්‍රතිචාර දක්වයි
නැඟෙනහිර යුක්රේනයේ ඩ්නිප්රෝ නගරයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘ඔරෙෂ්නික්‘ සංක්ත නාමයෙන් හඳුන්වනු ලබන එම මැදි දුර මිසයිල ප්‍රහාරය සිදු කරනු ලැබුවේ පසුගියදා යුක්රේනය විසින් රුසියාවේ ප්‍රාන්තයකට එල්ල කළ දිගු දුර මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
යුක්රේනය එල්ල කරනු ලැබුවේ අමෙරිකාව විසින් සපයනු ලැබූ මිසයිල වන අතර, එම මිසයිල රුසියානු භූමියට එල්ල කිරීම සඳහා අනුමැතිය දුන් අමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට ප්‍රතිචාර දැක්වීමට රුසියාව මැදි දුර මිසයිල ප්‍රහාරය සිදු කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය රටවලින් සපයනු ලැබූ මිසයිල භාවිත කිරීමට යුක්රේනයට අනුමැතිය ලැබීමෙන් දෙරට අතර යුද ගැටුම ගෝලීය ගැටුමක් කරා ඇදී යමින් තිබෙන බවත් රුසියානු ජනාධිපතිවරයා බටහිර රටවලට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර ඇමෙරිකා ජනාධිපති, ජෝ බයිඩන් එම ධුරයෙන් ඉවත් වීමට ආසන්නව තිබිය දී, මේ ආකාරයට ලෝක සාමයට තර්ජනයක් එල්ල කිරීමට මිසයිල ප්‍රහාර යොදා ගැනීම පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී ඇත. ජාත්‍යන්තර නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ ගෝලීය යුද්ධයක් දක්වා වර්ධනය වීමට නියමිත යුධ ආතතිය ඇති ප්‍රදේශයන් හී සාමය සදහා මැදිහත්විය යුතු වටපිටාවක ඇමරිකාව ප්රමුඛ බටහිර බලවතුන් සිදුකරමින් පවතින යුධ අනුග්‍රාහකත්වය සමස්ත ලෝකයටම තර්ජනයක් වනු ඇති බවයි.