Latestදේශීය

රෂී ප්‍රභා රත්වත්තේ දෙසැම්බර් 02 දක්වා රිමාන්ඩ්

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහ­තාගේ බිරිය වන රෂී ප්‍රභා රත්වත්තේ මහ­ත්මිය දෙසැ­ම්බර් මස 2 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස ගංගො­ඩ­විල අති­රේක මහේ­ස්ත්‍රාත් සංජය විජේ­සිංහ මහතා ඊයේ (22) නියෝග කළේය.

රක්ෂිත බන්ධ­නා­ගා­රයේ සිටි ඇය බන්ධ­නා­ගාර නිල­ධා­රින් නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඊයේ (22) ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව මෙම නියෝ­ගය සිදු කෙරිණි. එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ ලබා­ගත යුතු වන බවත් එම ප්‍රකා­ශ­ව­ලට අනුව විම­ර්ශන සිදු කර ඔවුන්ට එරෙ­හිව නඩු පව­ර­නවා ද නැද්ද යන්න අධි­ක­ර­ණය දැනු­ම්වත් කරන බව ශ්‍රී ලංකා රේගුව වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නීතිඥ ක්‍රිෂාන්ත තන්ත්‍රිගේ මහතා අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් කියා සිටි­යේය.

එහිදී ඇය වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ විදුර මංච­නා­යක මහතා කියා සිටියේ, අදම ප්‍රකා­ශ­යක් ලබා­දිය හැකි බවය. ඒ අනුව නඩුව ලබන සඳුදා කැඳ­වන ලෙස ඔහු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

කෙටි දින­ය­කින් නඩුව කැඳ­වී­මෙන් ප්‍රති­ඵල ලබා­ගත නොහැකි බව කිය­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඇය තව­දු­ර­ටත් ලබන 02 වැනි දා දක්වා බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසත් නියෝග කළේය.

නීති විරෝ­ධීව එක­ලස් කරන ලද මෝටර් රථ­යක් භාවිත කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් රෂී ප්‍රභා රත්වත්තේ මහ­ත්මිය හා ලොහාන් රත්වත්තේ මහතා බන්ධ­නා­ගා­ර­ග­තව සිටිති.

ඔවුන් දෙදෙනා නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට පසු­ගිය 18වැනිදා ඉදි­රි­පත් කරනු ලැබූ අතර, එහිදී දෙදෙ­නා­ගේම ඇප ඉල්ලීම අධි­ක­ර­ණය ප්‍රති­ක්ෂේප කළේය.

ඒ අනුව හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා දෙසැ­ම්බර් 02 දා දක්වාත් ඔහුගේ බිරිය ඊයේ දක්වාත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කර තිබිණි.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *