Latestදේශීය

උසස් පෙළ විභාගය හෙට ඇරඹේ

2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා එනම් හෙට ආරම්භ වීමට නියමිත බවත් ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවත් විභාග කොමසාරිස් ජනරාල්  අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ  ඊයේ (23) මාධ්‍යයට අදහස් දක්වමිනි.

එම විභාගය දෙසැම්බර් 22 දක්වා දින 22ක් පුරා පැවැත්වෙන බවද ඒ සඳහා අයදුම්කරුවන් 333,185ක් අයදුම්කර ඇතැයිද ඒ අතරින් පාසල් අයදුම්කරුවන් 253,390ක් හා පෞද්ගලික අයදුම්කරුවන් 79,795ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම අපේක්ෂකයන් සඳහා මුළු දිවයිනම ආවරණය වන ලෙස විභාග මධ්‍යස්ථාන 2312ක් ස්ථාපනය කර ඇතැයිද, ඒ අතරතුර උතුරු ප්‍රදේශයේ දිවයින් ආශ්‍රිතව විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීම සඳහා ඩෙල්ෆ් හා නයිනතිවු දූපත් ආශ්‍රිතව මධ්‍යස්ථාන 02ක් ස්ථාපනය කර ඇතැයිද සඳහන් කළේය.

විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණයට මුළු දිවයිනේම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319ක් ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් යටතේ ස්ථාපිත කර ඇතැයිද පැවසුවේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *