පන්දු රැකීම ගැන සතුටුවෙන්න බැහැ – සනත් ජයසූරිය
ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක ලෝකයේ පන්දු රැකීම අතින් හොඳම ස්ථානයක සිටි බවත්, එම තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය පිළිබඳ පසුගිය දා (21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුව අතරතුරේදී.
“ලංකාව පන්දු රැකීම අතින් හොඳම ස්ථානයක සිටි කණ්ඩායමක්. ඒ තැනට ගේන්න අපි තමයි මහන්සි වෙන්නේ. එතෙන්දී අපි ගොඩක් වැඩ කරනවා පන්දු රැකීම දියුණු කරන්න. ඒකට උපුල් චන්දන ලොකු කැපකිරීමක් කරලා තියෙනවා ක්‍රීඩකයෝ එක්ක. අනික් සහාය පුහුණුකරුවනුත් ඔහුට ඒ සහයෝගය දෙනවා. තාම මග එන ගමන් තියෙන්නේ තාම ඇවිල්ලා නෑ. මම ආස කරන තැනට තාම ඇවිල්ලා නෑ, හැබැයි එතෙන්ට අපි වැඩ කරනවා” ජයසූරිය මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

