Latestදේශීය

රුහුණේ උපකුලපති ඉවත් කරයි

රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත් කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය අති විශේෂ ගැසට් පත්‍රයක් අද (24) නිකුත් කරමින් මෙම පත්කිරීම සිදුකර ඇත.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව හෙට (25) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම කර තිබේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව ද එම ගැසට් පත්‍රයේ සඳහන් වේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් ඉකුත් 19 වනදා වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *