Latestදේශීය

මන්ත්‍රීකම නැත්නම් හැරයන්නේ සාමාජිකත්වය නොව වැළඳගන්නේ මරණය – තුෂාර ඉඳුනිල්

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් තමන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා සඳහන් කරයි.

තම පක්‍ෂයේ වැඩිපුරම මනාප ගත් දස දෙනා අතර තමන් ද සිටින බවද හෙතෙම පෙන්වා දෙයි.

එනිසා තමන්ටද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවටද සාධාරණයක් ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව කියා සිටී.

තමන්ට මන්ත්‍රී දුරයක් නොලැබුණහොත් පක්ෂය හැරදායාමේ බලාපොරොත්තුවක් නැති බවද කී ඔහු හැරදා යන්නේ නම් ඒ ජීවිතයෙන් බවද කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ සිය ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *