Latestදේශීය

අර්චුනා රාමනාදන් සමාව ඉල්ලයි

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද තිබේ.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (25) පාර්ලිමේන්තුවේ පැවැති දැනුවත් කිරීමේ වැඩමුළුවේදී ඔහු මෙලෙස සමාව ඉල්ලා සිටියේය.

“මම ඇහුවා මම කොතනද වාඩි වෙන්න ඕන කියලා. එතකොට කිව්වා අනිත් පැත්තට ගිහින් වාඩි වෙන්න කිසි අවුලක් නෑ ඩොක්ටර් ඕන තැනක වාඩි වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ඉස්සරහට ගිහින් වාඩි වුණා. අපි කැම්පස් ගිහින් පුරුදුයි.. අපි අත උස්සලා පාර්ලිමේන්තුවට ආවේ නෑ. මම හිතුවා මට ඕන තැනක ගිහින් වාඩි වෙන්න පුළුවන් කියලා. එතකොට මට හතරදෙනෙක් ඇවිල්ලා කතා කළා. මට ඇවිල්ලා කිව්වේ මේක විපක්ෂනායකවරයා හැමදාම වාඩිවෙන පුටුව කියලා. එතකොට මම හිතුවා අනිත් පුටුවක වාඩි වෙන්න පුළුවන් කියලා. මට කිසි හේතුවක් නෑ  8 වැනි පුටුවේ ගිහින් වාඩි වෙන්න.  

මට මාර දුකයි මම කොටියා කියලා හැම මීඩියාවලටම දාලා තියෙනවා කොටියෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා විපක්ෂ නායකගේ පුටුවේ කියලා. මෙහෙම අපි හිතාමතාම ගිහින් වාඩිවෙලා නෑ… මට ගෘෘප් එකක් නෑ මම ස්වාධීනව ආවා එතකොට මම දන්නේ නෑ කොතනද වාඩිවෙන්නේ, කොහොමද යන්නේ කියලා…

මම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න කැමතියි ඒ විදිහට මම වැරදි දෙයක් කළා කියලා. මට සමාවෙන්න. හිතා මතා ඒ පුටුවේ වාඩිවෙන්න මම බලාපොරොත්තු වුණේ නෑ”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *