Latestදේශීය

ඔවුන් සහභාගි වීම අපට ගෞරවයක් – ගල්කිස්ස මහ හෝටලය

ගල්කිස්ස මහ හෝටලයේ පැවති සාදයක් සඳහා අග්‍රාමාත්‍ය හරිනී අමනසූරිය ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ විදේඔඔශ ඇමති විජිත හේරත් යන මහත්ම මහත්මීන් සහභාගි වීම සම්බන්ධයෙන් එම හෝටලය නිවේදනයක් නිකුත් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ගල්කිස්ස හෝටලය සැමවිටම ශ්‍රී ලංකාවේ  සංචාරක හා සංස්කෘතික මුලපිරීම් සඳහා සාඩම්බර ආධාරකරුවෙක් බවත් ශ්‍රී  ලංකාව ජාත්‍යන්තර සහ දේශීය සංචාරකයින් සඳහා විචිත්‍රවත් ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ මෙහෙවරට සමගාමීව රට තුළ සංචාරක හා විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස ABBA සංදර්ශනය සංවිධානය කරන ලද බවත්ය.

ඒ සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු ප්‍රභූවරුන් කිහිප දෙනෙකුට ආරාධනා කළේ කර්මාන්තයට සහය දැක්වීමේදී ඔවුන්ගේ කාර්යභාරය අගයමින් බවත් එම ආරාධනය නිහතමානීව පිළිගෙන ඔවුන්ගේ පැමිණීම ගෞරවයක් ලෙස සලකන බවත් නිවේදනයේ දැක්වෙයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *