Latestදේශීය

චීන ආධාරයෙන් නිවාස 1996ක් ඉදිවෙයි

අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්ව නඟා සිටුවීමේ අරමුණින් චීන රජයේ යුවාන් මිලියන 552ක මූල්‍ය ආධාර යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන නිවාස 1,888ක් හා ප්‍රවීණ කලාකරුවන් 108ක් සඳහා වන නිවාස ව්‍යාපෘතියේ පරිපූරක ගිවිසුම් අත්සන් තැබීම නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේදී ඉකුත් දා (22) සිදු කෙරිණි.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකා චීන තානාපති කියු සෙන්හොන් මහතා මේ ගිවිසුම් අත්සන් තැබූ අතර, මේ නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් ඉදිරි වසර තුන ඇතුළත අවසන් කිරීමට නියමිතය. පෑලියගොඩ, දෙමටකොට මොරටුව හා මහරගම මේ නිවාස ව්‍යාපෘති ඉදි වන අතර, ප්‍රවීණ කලාකරුවන්ගේ නිවාස ව්‍යාපෘතිය කොට්ටාවේ ඉදි කෙරේ.

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්,අමාත්‍යංශ ලේකම් රංජිත් අරියරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එල්.බී. කුමුදු ලාල්, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු භාර උපදේශක ටන් යනාඩි හා තනාපති කාර්යාලයේ නිලධාරීන්, ව්‍යාපෘති වාස්තු විද්‍යා නිර්මාණ උපදේශකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *