Latestදේශීය

වරෙන්තු ඩග්ලස් අධිකරණයට පැමිණේ

නඩුවකට සාක්ෂිදීම සඳහා පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඊයේ (25) සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඩග්ලස් දේවානන්ද මහතාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස නියෝග කළේය. 

ඉන් අනතුරුව පෙර ඇප මත මුදා හැරුණු දේවානන්ද මහතාට මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කෙරුණි.

2016 වසරේදී රුපියල් මිලියන 10 බැගින් වූ අගරු චෙක්පත් දෙකක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්ද මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සුබ්‍රමණියම් මනෝහරන් නමැත්තාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *