ගංවතුර තත්ත්වයක්
බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්ධනයත් හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංඟා ද්‍රෝණි 12ක් නම් කරමින් අද පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කළේය.
කාලගුණ අංශ මේ වනවිට පුරෝකථන කර ඇති අනතුරු ඇඟවීම් අනුව දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් තුළ අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකිය.
එම තත්ත්වය සහ එම ප්‍රදේශවල ජලාශ සහ ගංඟාවන්හි හැසිරීම් රටාව හා පසුගිය අත්දැකීම් අනුව හෙට සිට එළැඹෙන 28 දක්වා වූ කාලය තුළ මල්වතු ඔය,කලා ඔය, කනගරායන් ආරු, පරංගි ආරු , මා ඔය ,යාන් ඔය ,මහවැලි ගඟ ,මාදුරු ඔය, මුන්දෙනිආරු, ගල්ඔය,හැඩඔය,විල ඔය යන ගංගා ද්‍රෝණිවලට යම් ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් එම ගංගා ද්‍රෝණිවල ගංවතුර නිම්නවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

