Latestදේශීය

ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහදගම අත්අඩංගුවට ගන්න නියෝග

ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද වරෙන්තු නිකුත් කළාය.ඒ, ගාලු මුවදොර අරගල භූමියට (ගෝඨා ගෝ ගම) පහරදුන් සිද්ධියේ නඩුවට අදාළව ය. එහිදී එම සිද්ධියට සැකකරුවන් ලෙස නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලුදෙනා අධිකරණය හමුවේ පෙනී සිටි නමුත්, මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ පවසා සිටියේ අදාළ සැකකරුවන් මේ වනවිට විදෙස්ගතව සිටින බවය.ඒ අනුව, කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ විමර්ශන අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යවා තිබෙන බවය.ඒ අනුව, නීතිපති උපදෙස් සඳහා 2025 මාර්තු 26 වැනිදා නඩුව නැවත කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *