අම්පාර කාර්තිව් සිසුවෙකුගේ සිරුරක් හමුවෙයි
ඊයේ (26) අම්පාර කාර්තිව් ප්රදේශයේදී සැඩ පහරට හසුවී ගසාගෙන ගිය ට්රැක්ටර් රථයේ සිටි සිසුන් අතුරින් අතුරුදන් වූ සිසුවෙකුගේ සිරුර හමුවී තිබේ.
ඊයේ සවස නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය කරමින් තිබූ ට්රැක්ටරයක් කාර්තිව් බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි පාලම අසලින් පෙරළී තිබුණි.
එම ට්රැක්ටරයේ ළමුන් 11 දෙනෙක්, රියදුරා සහ තවත් අයෙක් ගමන්කරමින් සිට ඇති අතර ජලයට වැටුණු ළමයි 5 දෙනෙක් අසල සිටි පිරිස් විසින් බේරාගෙන ඇත.
ඉන් අතුරුදන්ව සිටි එක් ළමයෙකුගේ සිරුරක් ඒ අනුව අද සොයාගෙන ඇති අතර අනෙක් අය සොයා මෙහෙයුම් ක්රියාත්මකය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

